දිලිත්, ගම්මන්පිල, විමල් ඇතුළු 6කට එරෙහි නඩුවට අදාළව නඩුව අද කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (07) කැඳවනු ලැබීය.
එහිදී අදාළ නඩුවේ නම් කර ඇති පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබාදීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අභියාචනාධිකරණය මගින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දෙන ලදී.
එම ලිපිලේඛන හා තොරතුරු ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා නඩුව ඔක්තෝබර් 15 වනදා උදෑසන යළි කැඳවීමට නියමිතය.
එසේම, නම් කර ඇති පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට කරුණු දක්වීම සඳහා අදාළ නඩුව ඔක්තෝබර් 23 වනදා පස්වරුවේ අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වැඩිදුරටත් දැනුම් දුන්නේය.