රජය මගින් ඔක්තෝබර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 15 වනදා දක්වා විශේෂ කාලසීමාවක් නම් කරයි
ආර්ථික සංගණනයට අදාළව දිවයින පුරා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමේ කටයුතු 2026 ඔක්තෝබර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 15 වනදා දක්වා සිදුකරන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන සියලුම පාර්ශ්වයන් වෙතින් ඉල්ලා සිටින්නේ තොරතුරු රැස්කිරීම සඳහා තම නිවසට හෝ ආයතනයට පැමිණෙන සංගණන නිලධාරීන් වෙත නිවැරදි තොරතුරු ලබාදී සහාය වන ලෙසයි.
මෙහිදී කෘෂිකාර්මික භෝග වගාවන්, සත්ව පාලනය, ජලජීවී වගාවන් මෙන්ම වගා කටයුතු සඳහා යොදාගනු ලබන ඉඩම් පිළිබඳ නිවැරදි හා තහවුරු කළ තොරතුරු ලබාදීම මගින් මෙම ජාතික සංගණන කර්තව්‍යය සාර්ථක කරගැනීමට දායක වන ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.