පනතට පටහැනි පත්කිරීම් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය ආණ්ඩුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයේ ප්‍රධානියා පත්කර තිබීම හේතුවෙන් මෙලෙස විමර්ශන අංශය විසුරුවා ඇති බවයි වාර්තා වන්නේ.
එම පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.