කට්ටියකට මාස 09ක වැටුප් ගෙවීමක් කරලා නෑ.. එතකොට ගෙවන් නැද්ද?. වෙලා තියෙන දෙයක් මෙන්න..
කොළඹ වරාය නගරය තුළ ඉදිකිරීම් අංශයේ සේවය කරන කම්කරුවන් පිරිසක් අද (06) උද්ඝෝෂණයක නිරත විය.
ඒ තමන්ට හිමිවිය යුතු මාස 09ක වැටුප් මෙතෙක් ගෙවා නොමැති බවට පවසමින් ය.
මෙම උද්ඝෝෂකයින් විරෝධතා පුවරු ඔසවමින් ජනාධිපති ලේකම් කාර්යාලය අබියස උද්ඝෝෂණයේ නිරත වූ බව වාර්තා වේ.

ආලේපන ගැන දැනගෙන හරියට කරන්න.. එක පාරට Diet control ගියොත් කොන්ඩෙත් යනවා.. සම කළු ද?. නාලා විනාඩි 05කින්?.. නැත්නම් විනාසයි..
මෙම සේවකයින් මෑන් පවර් ආයතන මගින් සේවයේ යොදවා ඇත.
මොවුන්ගේ ආයතනයට වැටුප් ගෙවන්නේ වරාය අධිකාරිය හරහා බවත් වරාය අධිකාරියට එම මුදල් ගෙවන්නේ චයිනා හාබර් සමාගමෙන් බවත් ඔවුන් පවසයි.
සේවකයින්ගේ වැටුප් සම්බන්ධව වරාය අධිකාරියෙන් විමසු විට වරාය අධිකාරිය පවසා ඇත්තේ චයිනා හාබර් සමාගමෙන් මුදල් නොලැබුණු බවයි.
නමුත් චයිනා හාබර් සමාගම සේවකයින්ට පවසා ඇත්තේ වරාය අධිකාරියට අදාළ මුදල් පියවා ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.
කෙසේ වෙතත්, කෙසේ හෝ තමන්ට අදාළ වැටුප් ලබාදෙන ලෙස මෙම සේවකයින් රජයෙන් ඉල්ලා සිටියි.