ගිනිඅවියත් එක්කම අතුරුදන් වුණ කොස්තාපල්ගෙ.. දෙමාපියන්ට සිදුවුණ දෙය..
පසුගිය සෙනසුරාදා දිනයේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධියක් වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ය.
වාර්තා වන්නේ අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බවයි.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූයෙ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.
ඒ අනුව එම කොස්තාපල්වරයාගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන ඇත.
You May Like This Video👇