හරක් කටාට උදව් කරපු කොස්තාපල් රිමාන්ඩ්

By Mithu May 22, 2025 11:03 AM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ රවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්ව රවිදු සන්ධිප නනඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

මෙම නඩුකරය අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇත.

සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

සක්විතිට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්