තුසිත හල්ලොලුවගේ සිද්ධිය ගැන සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

Report

අද (06) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙක් විසින් රහස් ප්‍රකාශයක් ලබා දී ඇති බවට වාර්තා වේ.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ අනුව අඳාළ ප්‍රකාශ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ දී සටහන් කර ගෙන තිබෙනවා.

මෙම ප්‍රකාශය ලබා දුන් බවට වාර්තා වන්නේ අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන මොහොමඩ් පාරිස් නැමති සැකකරුවෙක්.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කර‍යි.

එසේම සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට ද අධිකරණයෙන් නියෝග ලබාගෙන ඇති බවට වාර්තා වේ.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

තවද අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 12 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය දා මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන අතර ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)