හෙට ඉස්කෝල පැවැත්වෙනවා කීවට ගුරුවරුන් උගන් වන්න එයි ද?. ඔවුන් ගත් තීරණය මෙන්න..

Ministry of Education Strike Sri Lanka Education Latest Headlines Teachers
By krishani Jul 08, 2024 04:26 PM GMT
krishani

krishani

Report

අද (08) මෙන් හෙට ද දිවයින පුරා වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අසනීප නිවාඩු වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

හෙට ඉස්කෝල පැවැත්වෙනවා කීවට ගුරුවරුන් උගන් වන්න එයි ද?. ඔවුන් ගත් තීරණය මෙන්න.. | Conducting Schools 09Th July 2024

මෙම තත්ත්වය යටතේ මෙම විරෝධතාවයට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වීමට නියමිතය.

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)


එමෙන්ම, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

නමුත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ අද සහ හෙට පාසල් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය සහිතව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)


කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ක්මෙහත්මිය පැවසුවේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළේ ය.