පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර බව කියන රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව සඳහන්.
ඒ අනුව උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත්තේ විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළයි.
මෙහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේ මෙම වැඩපිළිවෙලවල් “අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල්” බවත්, “වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බෑ” යනුවෙන්.
එසේම ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව පිළිබඳව උන්වහන්සේ දැඩිව ප්‍රශ්න කර ඇත. ඒ “කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ.
මේ අපේ රට මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද” යනුවෙන්. එසේම මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා ජනාධිපති දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් එහිදී උන්වහන්සේ පැවසුවා. එබැවින් “කරුණා කරලා ඕවා නවත්තන්න” යනුවෙන්ද උන්වහන්සේ ඉල්ලා සිටි බව වාර්තා වේ.
එසේම ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය මඟින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක වශයෙන් ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ පවසා ඇත.
කෙසේ වෙතත් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූයේ, ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙන්.
මෙහිදී විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගත්ත ද ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණන්ගේ අදහසයි. ඒ අනුව උන්වහන්සේ අවධාරණය කළේ, “අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ” යනුවෙන්.
තවද සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල්වල සංස්කෘතිය දැනටමත් විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් වශෙයෙන් ගත කළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා “විහිළුවක්” ලෙස උන්වහන්සේ පෙන්වා දෙයි.
එබැවින් රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම “අයින් කරලා දාන්න” යනුවෙන් කාදිනල් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටියි. උන්වහන්සේගේ ස්ථාවරය වූයේ ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත මත අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බවත් උන්වහන්සේ දක්වයි.
තවදුරටත් “දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස” ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්” බව උන්වහන්සේ ප්‍රකාශ කළා.