පොලිසියට එරෙහිව පොලිස්පති බිරිඳ පොලිසි යයි!

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර පිහිටි නිවස සෝදිසි වරන්තුවක් නොමැතිව පරීක්ෂාවට ලක්කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ අද අතුරුගිරිය පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

නිවස පරීක්ෂාවට ලක් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එහි පැමිණි අවස්ථාවේ අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් තිබේදැයි තෙන්නකෝන් මහතාගේ බිරිඳ පොලිස් නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

දමිතාගේ නඩුවට අධිකරණයෙන් දැන් ලැබුණු නියෝගය මෙන්න! (VIDEO)

දමිතාගේ නඩුවට අධිකරණයෙන් දැන් ලැබුණු නියෝගය මෙන්න! (VIDEO)

නමුත් එවැන්නක් නැති බව පවසා ඔවුන් නිවස පරීක්ෂාවට ලක් කළ බව ඇය විසින් අතුරුගිරිය පොලිසියට සිදු කල පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. පැයකට අධික කාලයක් නිවස සෝදිසියට ලක් කර ඇති බවද ඇය තමන්ගේ පැමිණිල්ල මගින් සඳහන් කර තිබෙනවා.

එම නිවසේ තිබී තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක්, වයින් බෝතල් 214 ක්, තෙන්නකෝන් මහතාගේ නිල පිස්තෝලය, ඔහු භාවිත කළ බව කියන ඇපල් වර්ගයේ දුරකථන දෙකක් ඇතුළු භාණ්ඩ පොලිසිය භාරයට ගෙන ඇති බවද පැමිණිලිකාරිය විසින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය භාරයට ගෙන ඇති ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක හරහා තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.   

Gallery