මාලිමා ලොක්කෙක් තාත්තට ගහලා කාණුවට දැම්මා කියලා දුවෙක් කියද්දි - නෑ මන් බිරිඳගේ ප්‍රසූතියට හොස්පිටල් ගියාලු

Report

ජා-ඇළ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභිකයෙකු ඇතුළු පිරිසක් තම පියාට පහර දුන් බව ප්‍රකාශ කරමින් තරුණියක විසින් ජා-ඇළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය 26 වැනි දින මෙම පහරදීම සිදුව තිබෙන අතර, ඉන් තුවාල ලැබූ ජා-ඇළ සුදුවැල්ල පදිංචි රැසි පෙරේරා නැමැති අය මේ වන විට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තුවාලකරුගේ දියණිය සඳහන් කළේ, තම පියා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී සුදුවැල්ල පල්ලිය අසලදී ලොරි රථයක් හරස් කර එය නතර කර ඇති බවයි.

පසුව ජා-ඇළ නගර සභා මන්ත්‍රී මධුසර ලක්ෂාන් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් යකඩ පොලු සහ හෙල්මට්වලින් තම පියාට පහර දී අසල කානුවකට දමා ගිය බවටද ඇය චෝදනා කර ඇත.

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා ඇත්තේ මීට පෙර තම සොහොයුරාට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් පහර දී ඇති බවත්, ඒ පිළිබඳව විමසීම නිසා මෙසේ තම පියාට පහර දී ඇති බවත්ය.

එසේම අඳාළ පහරදීමෙන් පියා සතු ත්‍රිරෝද රථයට ද දැඩි හානි සිදුව ඇති බව ඇය කියා ඇත.

එමෙන්ම ඇය පැවසුවේ ජා-ඇළ පොලිසියට පැමිණිලි කළ ද මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බව සහ අත්අඩංගුවට ගත් පිරිස් පවා නිදහස් කර ඇති බවයි. කෙසේ වෙතත් ජා-ඇළ නාගරික මන්ත්‍රී විසින් චෝදනා ප්‍රතික්ෂේප ක‍ර ඇත.

ඔහු පවසා ඇත්තේ අදාළ දින තම බිරිඳගේ ප්‍රසූති කටයුතු සඳහා තමා රෝහලේ රැඳී සිටි බවත්, තමා කිසිදු පහරදීමකට සම්බන්ධ නොමැති බවත්ය.

එසේම ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ දේශපාලන උසිගැන්වීම් මත තමාට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇති බවත්, පහරදීමට සම්බන්ධ බවට සැක කරන පිරිස තම ඥාතීන් වන බැවින් තමා මේ සඳහා පටලවා ගැනීමට උත්සාහ කරන බවත් ය.

හදිසි නීතිය ජනවාරි 6 සිට නැවතත් - රාසමානික්කම්

හදිසි නීතිය ජනවාරි 6 සිට නැවතත් - රාසමානික්කම්

මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්