පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දිනය පිළිබදව ...

Report

 පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ පැවැත්වූ සාකච්ඡාවකදීයී.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම..

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස නියෝගයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිසම රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

ඒ, පසුගිය වසරේ මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තීන්දුව ලබා දෙමින්.

ශ්‍රී ලංකාවට ආභරණයක් වන් කලාවැව ඇත් පරපුරේ අවසන් පුරුකත් ලක් මවට අහිමි වේ..

ශ්‍රී ලංකාවට ආභරණයක් වන් කලාවැව ඇත් පරපුරේ අවසන් පුරුකත් ලක් මවට අහිමි වේ..

ඒ අනුව කඩිනමින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස නියෝග කෙරුණා

පසුගිය අගෝස්තු 22 වනදා මෙහි තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කළේ, එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ එවක මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට අදාළ මැතිවරණ ආදායම් වියදම් වාර්තා ලබා දුන් කාලය ලබන මස 06 වනදායින් අවසන් වීමට නියමිතයි.


You may like this video