කොළඹ ඉඩම් මිල වැඩිවෙයි

Report

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය (Land Valuation Index) අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාවය පවත්වාගෙන යමින්, 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගය තුළ සියයට 10.6ක වර්ධනයක් වාර්තා වී තිබේ.

මෙම වර්ධනය ඉඩම් තක්සේරු දර්ශකයේ ප්‍රධාන අනු දර්ශක තුනෙහිම පිළිබිඹු වී ඇති අතර, ඒවායේ වාර්ෂික වර්ධන අනුපාත පහත පරිදි වේ:

නේවාසික ඉඩම් - සියයට 12.4ක වර්ධනය

වාණිජ ඉඩම් - සියයට 11.3ක වර්ධනය

කාර්මික ඉඩම් - සියයට 8.0ක වර්ධනය

සා පෙළ සිසුන් ගැන පොලිසිය අද විශේෂ අවධානයෙන් - ආරක්ෂාව තර කරයි

සා පෙළ සිසුන් ගැන පොලිසිය අද විශේෂ අවධානයෙන් - ආරක්ෂාව තර කරයි

මේ අතර, 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගය තුළ (අර්ධ වාර්ෂික පදනම මත) ඉඩම් තක්සේරු දර්ශකය මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වී ඇත. විශේෂයෙන් වාණිජ හා නේවාසික අංශවල ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

කොළඹ නගරයේ ඉඩකඩම් වෙළඳපොළේ මෙම ඉහළ යෑම, ආර්ථික ප්‍රකෘතිය, ඉදිකිරීම් ව්‍යාපෘති නැවත සක්‍රීය වීම, විදේශීය ආයෝජන ගලන බව සහ නගරයේ ඉල්ලුම ඉහළ යෑම යන සාධකවලට බලපෑම් ලැබී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, ඉඩම් මිල ඉහළ යෑම සමඟ එක්ව ජීවන වියදම් ඉහළ යෑමේ බලපෑම් ද පවතින බැවින්, නේවාසික ඉඩකඩම් සෙවීමේදී සහ ආයෝජන තීරණ ගැනීමේදී වැඩි පරිස්සම් සහගත වීමට උපදෙස් ලැබෙමින් පවතී.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුගේ පැටිකිරි - ඝාතන 10කට සම්බන්ධයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුගේ පැටිකිරි - ඝාතන 10කට සම්බන්ධයි

ඔබේ අද දවස වෙනස් වෙන්න පුළුවන්… ලග්න අනාවැකිය කියවලාම තීරණ ගන්න!

ඔබේ අද දවස වෙනස් වෙන්න පුළුවන්… ලග්න අනාවැකිය කියවලාම තීරණ ගන්න!