'රුපියල් 120ක ජල බෝතලයක් රුපියල් 150කට විකුණලා'' - දුම්රිය භෝජනාගාරයට ලක්ෂ ගණනක දඩයක්

By Malith Madushan Jul 31, 2026 08:53 AM GMT
Report

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ.

අදාළ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

2026 ජූලි 9 වනදා අනුරාධපුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී, රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ මිලිලීටර් 1,000ක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 150කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.

අග්‍රාමාත්‍යවරිය එක්වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය විදහා දක්වන චිත්‍ර ප්‍රදර්ශනය

අග්‍රාමාත්‍යවරිය එක්වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය විදහා දක්වන චිත්‍ර ප්‍රදර්ශනය

ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුට රුපියල් 500,000ක දඩයක් නියම කර තිබේ.

මේ අතර, දුම්රිය භෝජනාගාර තුළ නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය ද දැනුවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අදාළ ආයතනයට එරෙහිව මීට පෙරද පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඉදිරියේදීද අදාළ ආයතනය සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරන අතර, යළිත් නීති උල්ලංඝනයක් අනාවරණය වුවහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය අවධාරණය කරයි.  

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...