මෙන්න හෙට ඉඳලා රජයෙන් ලැබෙන සහනය - බලන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙයි
හෙට (01) දින සිට සියලු පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබාදීම ආරම්භ වනවා.
මෙහි අරමුණ වනුයේ , වසර කිහිපයක් තුළ පොල් අස්වැන්න ඉහළ නැංවීමයි.
අද (31) දින "කප්රුකට සවියක් වැඩි ඵලදාවක්" යන තේමාව යටතේ රජය ක්‍රියාත්මක කරන පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබාදීමේ සමාරම්භක උත්සවය වැල්ලවායේ දී පැවැත්වුණා.
ඒ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.