මුහුදුබඩ මාර්ගයේ දුම්රියෙන් යන අයට අද කෝච්චිය තියයි ද?

Report

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙයි. මෙයට හේතුව වන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇති දෝෂ සහිත තත්ත්වයට විසඳුම් ඉල්ලා සිටීමයි.

අදම අත්අඩංගුවට? ගෝඨාභය අල්ලන්න පසුබැසීමක් නෑලු..

අදම අත්අඩංගුවට? ගෝඨාභය අල්ලන්න පසුබැසීමක් නෑලු..

මෙම ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. එහිදී සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලින් ඉවත්වීමට සංගමය සූදානම් බව වාර්තා වේ.

ඊයේ (05) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි කැඩී ගොස් ඇති බව දුටු ප්‍රදේශවාසියෙකු, එම අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නවත්වා ගැනීමට කටයුතු කළේය. මෙම ක්‍රියාව තුළින් විශාල හානියක් වළක්වා ගැනීමට හැකි විය.

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

වාහන 3000ක් එක්ක නෞකාවක් ගිනි ගනී

වාහන 3000ක් එක්ක නෞකාවක් ගිනි ගනී

කෙසේ වුවත්, සාගරිකා දුම්රිය නවත්වා තිබියදීත්, එම මාර්ගයේම තවත් දුම්රියක් මරදාන දෙසට ධාවනය වූ බව වාර්තා වේ. මෙයට හේතුව ලෙස ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පෙන්වා දුන්නේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතල දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවයි.

මෙම සංඥා පද්ධතියේ දෝෂයට කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත. එසේම, මෙම ගැටලුවට ක්ෂණික විසඳුම් නොලැබුණහොත්, මගීන්ගේ ආරක්ෂාව සලකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඔවුන් පවසයි.

ලංකාවත් ගාසාවක් වෙයිද? - ඊශ්‍රායල පල්ලි 4 ලංකාවේ..

ලංකාවත් ගාසාවක් වෙයිද? - ඊශ්‍රායල පල්ලි 4 ලංකාවේ..