ටිල්වින් - කුමාර දෙන්නම කියන්නේ පච - ගල් අඟුරු ගැන පුබුදු කට අරී
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිකුත් කළ නිවේදනයට අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවත්, එහිදී වංචාවක් හෝ අක්‍රමිකතාවක් අනාවරණය වුවහොත් විදුලි බල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඉවත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට බවත් පක්ෂය අවධාරණය කරයි.
මෙය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් බවත් පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (05) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී හෙතෙම මෙසේ ද පැවැසුවේය
”ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ගල්අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වල බරපතළ වැරැදි තිබෙනවා. මේ සමහර අසත්‍ය කරුණු මීට සතියකට දෙකකට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා, ඒවා බොරු බව තහවුරු වූ පසුව අතහැර ඇති කරුණු. විදුලිබල ඇමැතිවරයා මේ සම්බන්ධ අලුත් කරුණු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ලබාදී නැති නිසා ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා. ඔහු පැවසුවා මීට පෙර ටෙන්ඩර් නොකැඳවා දේශපාලනඥයකුගේ සමාගමකින් අධික මිලට ගල්අඟුරු මිලදී අරන් තිබෙනවා කියලා. එය වැරැදියි. 2008 දී ලක්විජය බලාගාරය ආරම්භ කිරීමෙන් පසුව අද දක්වා සෑම වසරකම ටෙන්ඩර් කැඳවා අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදී තිබෙනවා. 2023දී ටෙන්ඩර් නොකැඳවූ බව ප්‍රධාන ලේකම්වරයා එම සංවාදයේදී කිව්වා. විදුලි ඇමැතිත් මුලින් ඔහොම කියලා අපි ටෙන්ඩර් දැන්වීම් පෙන්වූවාට පසුව එය පැවසීම නතර කළා.
දැන් ඇමැති කියන්නේ තමන් ටෙන්ඩර් පිරිවිතර වෙනස් නොකළ අතර 2023 ටෙන්ඩර් පිරිවිතර එලෙසම පවත්වාගෙන ආ බව. එම කරුණත් වැරැදියි. 2023දී එවැනි පිරිවිතර වෙනස් කිරීමක් දකින්නට නැහැ. නමුත් ටිල්වින් සිල්වා කියන ආකාරයට 2023 ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවුණානම් කුමාර ජයකොඩි කියන ආකාරයේ ටෙන්ඩර් පිරිවිතර 2023දී ප්‍රකාශයට පත්වුණේ කොහොමද? මේ දෙදෙනා කියන කරුණු එකිනෙකට පරස්පරයි. ප්‍රධාන ලේකම්වරයා කරුණු අතින් යාවත්කාලීන වෙලා නෑ. 2023දී ටෙන්ඩර් කැඳවූවා. ටෙන්ඩරය ලැබුණේ කොරල් එනර්ජි කියන සමාගමට. ඔවුන්ට නිසි කාලයට සැපයුම් කරන්න බැරිවූ නිසා බ්ලැක් සෑන්ඩ් නම් සමාගමකට සැපයුම භාර දුන්නා. 2024දී ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශයත් වැරැදියි. ටෙන්ඩර් කැඳවීමේදී අඩුම මිලගණන් ඉදිරිපත් කළ සමාගමට වඩා අඩු මිලක් පොටෙන්ෂියා නම් සමාගමක් ඉදිරිපත් කර තිබුණා. ඉන් පසුව තාක්ෂණික ඇගයුම් කමිටුව ප්‍රසම්පාදන කමිටුවේත්, ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලයේත්, කැබිනට් මණ්ඩලය නීතිපතිවරයාගේත් අනුමැතිය මත මිල අඩු සමාගමෙන් ගල්අඟුරු මිලදී ගෙන තිබුණා. එම ක්‍රියාවලිය ගැන යම් සැකයක් තිබේනම් විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගත හැකියි. ."