කොළඹ නගර සභාව අර්බුදයකද?

Report

 ඒකාබද්ධ විපක්ෂයට කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය හිමිවීම හේතුවෙන් මේ වනවිට ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බව සදහන් වේ.

ඒ අනුව පසුගිය 14 වැනිදා කොළඹ මහ නගර සභාවේ ප්‍රධානතම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දිනා ගැනීමට සමත් විය.

එලෙස මුදල් කාරක සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දිනා ගැනීමට හැකි වූයේ එම නගර සභාවේ රැස්වීම් ශාලාවේ පැවැති මාසික සභා රැස්වීමේදීය.

කොළඹ මහ නගර සභා ආඥා පනතට අනුව මහ නගර සභාවේ සියලුම මුදල් ගණුදෙනු මුදල් කාරක සභාවේ අනුමත කර මහ නගර සභාවට ඉදිරිපත් කළ යුතුව තිබේ.

මෙම ගැටලුවට හේතුව වී තිබෙනුයේ නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභාවේ බහුතර බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීමයි.

ඒ වගේම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කටයුතු කරනු ලබයි තවද ඉතිරි සාමාජිකයින් 6 දෙනාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලැබේ.

ඒ අනුව පසුගියදා පැවැත්වූ මාසික සභා රැස්වීමේදී පැවැති මෙම ඡන්ද විමසීමේදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් 6 දෙනාගෙන් පස් දෙනෙකුම විපක්ෂයේ මන්ත්‍රීවරු විය.

එහිදී පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් පස් දෙනා ඡන්ද 60ක් ලබාගෙන ඇත.

සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

මෙලෙස මුදල් කාරක සභාවට තේරී පත්වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ රොයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දයාකාන්ත පෙරේරා, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අර්ෂාඩ් නිශාම්ඩීන් යන මහත්වරුන් වේ.

කොළඹ නගර සභාවේ සභාපතිනියන වන ව්‍රායි කැලි බල්තසාර් මහත්මියට එම කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිවීම හේතුවෙන් එම කාරක සභාවේ සාමාජිකයින් වන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සම්බන්ධ වී ඉදිරි මුදල් පිලිබඳ තීරණ ගැනීමට සිදුවීම නිසා මෙලෙස විවිධ ගැටළු මතුව තිබෙන බව වාර්තා වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්