ක්ලබ් වසන්ත ඝාතනයේ ටැටු මල්ලිගේ පාපොච්චාරණය ප්‍රසිද්ධ කිරීම ගැන දැඩි තීරණයක්.
By Wayomi
අපරාධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි පළවීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගය වලට පටහැනිව මාධ්‍යට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම සිදුවීමට අදාළව සති දෙකක් ඇතුළත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් සිදුකර එය පොලිස් කොමිෂන් සභාව වෙත දැන්වීමට පොලිස්පතිවරයා ට නියෝග කර ඇති අතර ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස් වූ අවස්ථාවේ එම තීරණ ගෙන අදාළ නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.