ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි. - වෛද්‍ය සිසුනුත් අමාරුවේ.
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව මේ වන විට හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ, අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවයි.
මේ අතර ඝාතනය සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන වලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව කරුණු සහ සටහන් කරගත් බව ද පොලිසිය සඳහන් කළා.
