වෙඩි වැදීමෙන් ක්ලබ් වසන්ත සමඟ මියගිය සුජීවාගේ සැමියාගේ දේහය දරුවන් භාර ගනී. - (PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police Gun Shooting
By Wayomi Jul 10, 2024 05:51 AM GMT
Wayomi

Wayomi

Report

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල විජේසූරිය නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙක් වන අතර ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබුණා..

කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී ඇත.

වෙඩි නොවදින සුරවල බල බිඳින්න ද ක්ලබ් වසන්තව රත්‍රන් උණ්ඩ වලින් මරා දැමුවේ.?- සම්පූර්ණ විස්තරේ මෙන්න. (VIDEO)

වෙඩි නොවදින සුරවල බල බිඳින්න ද ක්ලබ් වසන්තව රත්‍රන් උණ්ඩ වලින් මරා දැමුවේ.?- සම්පූර්ණ විස්තරේ මෙන්න. (VIDEO)


මෙම වෙඩි තැබිමෙන් තුවාල ලැබු කේ. සුජීවා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිසා ඇගේ දියණියන් දෙදෙනා විසින් දේහය භාරගෙන ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ විවාහා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නයන වාසුල නැමැත්තා කලකට ඉහත දී පැවිදි ජීවිතයක් ගත කරමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව තුල සම්බුදු දහම කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කල ගම්පහ මහානාම හිමි නමින් සිටිමින්, පසුව ගිහි ජීවිතයට පත් වී ඇත.

ටියුෂන් ගුරුවරුන්ටත් Tax - බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න.

ටියුෂන් ගුරුවරුන්ටත් Tax - බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න.


ඔහුගේ දේහය මාලඹේ බස් නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද(10) සවස 4.00ට අවසන් කටයුතු සිදු කෙරේ.

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)


GalleryGalleryGalleryGalleryGallery