බොරැල්ල මල් ශාලාවට තර්ජන ඇමතුම ඇවිත් තියෙන්නේ සිසුවියකගෙන්? - එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න.
සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කර තිබු බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකක දී තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබා දී තිබුණා.
ඒ, අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එලෙස තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබා දී ඇත්තේ සිසුවිකගේ නමට ගත් සිම්කාඩ් පතකින් බවයි.
එමෙන්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම සිසුවිය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බවත් එම සිම්පත භාවිතා කර ඇත්තේ තර්ජනාත්මක ඇමතුම ලබාදීමට පමණක් බවත්ය.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම ඇමතුම කවුරු ලබා දුන්නා ද බව තවම අනාවරණය වී නොමැති බවයි.
