පාසල් තුනක ගුටි කෙලි..පහක් රෝහලේ..

Report

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පාසල් තුනක ශිෂ්‍යයින් පිරිසක් උපකාරක පන්තියකදි එකිනෙකාට පහර දී ගැනීම නිසා සිසුන් පස් දෙනෙකු තුවාල ලබා අති අතර සිද්ධියට සම්බන්ධ සිසුන් හය දෙනෙකු පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

මිතුරාගේ කොන්ද පණ නැතිකම නිසා මිතුරෙක්ට ජීවිතයට සමුදෙන්න සිදුවේ..

මෙම ප්‍රහාරයට සහභාගී වි ඇත්තේ පාසල් තුනේම අපොස.උසස් පෙල පන්තිවල ඉගෙණුම ලබන සිසුන් පිරිසකි . මුලින්ම ඊට පෙර දිනයක පුදුකුඩීඉරිප්පු වල්ලිපුනම් පාසලේ සිසුන් පාසල අවසන් වී නිවෙස්වලට යමින් සිටියදී පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල ඉදිරිපිටට පැමිණ වල්ලිපුනම් විද්‍යලයේ සිසුන්ට පහර දී තිබෙනවා.

මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීම සදහා පුදුකුඩීඉරිප්පුව ප්‍රදේශයේ තවත් පාසලක සිසුන් පිරිසක් උත්සහ කළ අවස්ථාවේදී පුදුකුඩීඉරිප්පුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ඔවුන් පිරිසටද පහර දී ඇති බවයි වාර්තා වනුයේ.

කොළඹ දිස්ත්‍රික්කය ළමුන්ට හිතකර තැනක් නෙවෙයිද?..

කොළඹ දිස්ත්‍රික්කය ළමුන්ට හිතකර තැනක් නෙවෙයිද?..

පාසලේ ළමයින් රැගෙන යාමට පැමිණි දෙමව්පියන් පිරිසක් සිසුන්ගේ ගැටුම නවතා දමා ඔවුන්ට ගෙවල්වලට යන ලෙස උපදෙස් දීම නිසා පහර දි ගැනීම එතැනින් අවසන් වී තිබේ .

පෙර දිනයේ සිද්ධිය යළි ඉස්මතු වීමත් සමගම යළිත්වරක් ඔවුනොවුන් උපකාරක පන්තියකදි පහර දී ගෙන ඇති අතර ඒ පිළිබදව දෙමව්පියන් පිරිසක් විසින් පුදුකුඩීඉරිප්පුව පොලීසියට දැණුම් දීමෙන් පසුව සිද්ධියට සෘජුවම සම්බන්ධ පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වනුයේ .

ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

එහිදී තුවාල ලැබූ සිසුන් පස් දෙනා පුදුකුඩීඉරිප්පුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩීඉරිප්පුව පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි .