ගල්අඟුරු සිද්ධියට අදාළව CIDයට පැමිණිල්ලක්

Report

සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ එමඟින් රටට සිදුව ඇති පාඩුව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

ඔවුන් ප්‍රකාශ කළේ, බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම, මෙම ගල්අඟුරු දූෂණයේදී වත්මන් ජනාධිපතිවරයා බලපෑම් නොකරනු ඇති බවට විශ්වාස කරන බවයි.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ,

"නියමිත කාලයට ටෙන්ඩර් කැඳවන්නේ නෑ. ඊළඟට දැන් මේ සමාගම හාල් ගෙනල්ලා ප්‍රමිතියෙන් තොර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව බ්ලැක්ලිස්ට් කරලා රටට නොගන්වුව හාල් ටික ගේන්න බැරිව ඒකෙන් හූරාකාපු සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්නේ ඔවුන්ට ලියාපදිංචි වෙන්න ජූලි වෙනකන් අවස්ථාව දීලා. දැන් දූෂණය තහවුරු වෙලා ඉවරයි හදිසි මිලදී ගැනීම් එක්ක ඉතාම පැහැදිළියි" යනුවෙනි.

මෙම පැමිණිල්ල මඟින් ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සහ රජයට සිදුවූ රුපියල් බිලියන ගණනක පාඩුව පිළිබඳ සවිස්තර විමර්ශනයක් ඉල්ලා තිබේ.

පසුගිය දිනවලදී විපක්ෂය විසින් මෙම ගල්අඟුරු ආනයනයේ දූෂණයන් ගැන බරපතල චෝදනා එල්ල කර ඇති අතර, එමගින් රුපියල් බිලියන 1.2කට වැඩි පාඩුවක් සිදුව ඇති බවත්, ටෙන්ඩර් ක්‍රියාවලියේ අක්‍රමිකතා තිබෙන බවත් කියා සිටී.

කම්කරු සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ප්‍රකාශ කළේ, මෙම දූෂණයන්ට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. CID විසින් මෙම පැමිණිල්ල පිළිගෙන විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

හරීන්ට දුරකථනයෙන් තර්ජනය කරපු උගන්ඩා කුමාරයා කවුද?

හරීන්ට දුරකථනයෙන් තර්ජනය කරපු උගන්ඩා කුමාරයා කවුද?