අවාසනාවන්ත ලෙස දියට බිලි වූ ,CID කොස්තාපල්..

Report

කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේදී,  සිය මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි වියේ පසුවූ දේශාන්ජන තරින්ද නමැති කොස්තාපල්වරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවාසනාවන්ත ලෙස දියට බිලි වූ ,CID කොස්තාපල්.. | Cid Constable Drowning Kalutara Katukurunda

කොස්තාපල්වරයා දියේ ගිලීමත් සමග ඔහු සමග සිටි අනෙක් මිතුරන් උදව් ඉල්ලා කෑ ගසා ඇත. පසුව ප්‍රදේශවාසීන් පැමිණ කොස්තාපල්වරයා ගොඩටගෙන රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ.

ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි, එහිදී අනාවරණය වී ඇත්තේ.දකුණු කළුතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.