ප්‍රකට චොක්ලට් සමාගමකට අධිකරණයෙන් නොතීසි

Report

වැටි බදු සහ ආදායම් බදු ගෙවීම පැහැර හැරි බවට චෝදනා එල්ල වී ඇති ප්‍රකට චොක්ලට් සමාගමකට මැයි 05 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කරමින් නියෝග කර ඇත.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් රුපියල් මිලියන 239ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම චොක්ලට් සමාගමට එරෙහිව නඩු පවරා ඇති අතර, එම කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

සිසුවෙකුගේ පියා සමඟ අනියම් සම්බන්ධයක පැටලී කප්පම් ඉල්ලූ ගුරුවරිය අත්අඩංගුවේ!

සිසුවෙකුගේ පියා සමඟ අනියම් සම්බන්ධයක පැටලී කප්පම් ඉල්ලූ ගුරුවරිය අත්අඩංගුවේ!

මෙම සමූහයට අයත් තවත් ප්‍රසිද්ධ සමාගමක් රජයට ගෙවිය යුතු රුපියල් 108,232,919ක වැටි බදු සහ රුපියල් 24,716,203ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ද නඩු දෙකක් පවරා ඇත.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, වග උත්තරකාර සමාගමට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, ඔවුන් එසේ පෙනී සිට නොමැති බවයි.

එක පෑන් පහරින් ට්‍රම්ප් ලොවම කලඹනකොට ඇමති හදුන්, ට‍්‍රම්ප්ට රිදෙන්නම කියයි!

එක පෑන් පහරින් ට්‍රම්ප් ලොවම කලඹනකොට ඇමති හදුන්, ට‍්‍රම්ප්ට රිදෙන්නම කියයි!

ඒ අනුව, වග උත්තරකාර සමාගමට නොතීසි නිකුත් කරන ලෙසත්, ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු විමර්ශනය කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සමාගමට මැයි 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.