සිසුවෙකුගේ පියා සමඟ අනියම් සම්බන්ධයක පැටලී කප්පම් ඉල්ලූ ගුරුවරිය අත්අඩංගුවේ!

Report

ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වන පුවතකට අනුව, සිසුවෙකුගේ පියෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඔහුගෙන් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි ගුරුවරියක වන අතර, එම ක්‍රියාවට සහාය වූ තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

බටහිර බැංගලෝරයේ තම බිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ ජීවත් වන වෙළෙන්දෙකු වන සතිෂ්, 2023 දී ඔහුගේ බාල දියණිය පාසලට ඇතුළත් කර ඇත.

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

එහිදී මෙම පුද්ගලයා අදාළ ගුරුවරිය හමුවී ඇති අතර, පසුව ඔවුන්ගේ ඇසුර සමීප සම්බන්ධතාවයක් බවට පත්ව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කෙටි පණිවුඩ සහ වීඩියෝ ඇමතුම් හුවමාරු කරගෙන ඇති අතර, අවසානයේ ඔවුන්ගේ හමුවීම් ඉතා පෞද්ගලික ඒවා බවට පරිවර්තනය වී ඇත.

නමුත්, සැකකාර ගුරුවරිය තවත් දෙදෙනෙකු සමඟ එක්ව මෙම පුද්ගලයා එවූ ඉතා පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ ඔහුගේ පවුලේ ඥාතීන්ට පෙන්වන බවට තර්ජනය කර ඇති බව අනාවරණය වී ඇත.

එහිදී ඔවුන් කප්පම් ලෙස රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල රුපියල් ලක්ෂ 15 දක්වා අඩු කර ගැනීමට එම පුද්ගලයාට හැකි වී තිබේ.

පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු මියයාම ගැන විශේෂ පරීක්ෂණයක් (VIDEO)

පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු මියයාම ගැන විශේෂ පරීක්ෂණයක් (VIDEO)

මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ල මත ක්‍රියා කළ පොලිසිය විසින් සැකකාර ගුරුවරිය සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

දේශබන්දු සැඟව සිටියේ ගිරිඋල්ල නිවසේද ? බැඩ්මින්ටනුත් ගහලා!

දේශබන්දු සැඟව සිටියේ ගිරිඋල්ල නිවසේද ? බැඩ්මින්ටනුත් ගහලා!