දුම්රියෙන් ඇද වැටුණු චීන කත - තත්ත්වය බරපතලයි

Sri Lanka Police Badulla Sri Lanka China
By Zara Mar 09, 2025 03:36 PM GMT
Zara

Zara

Report

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන්ගත් විදෙස් ජාතික කාන්තාවක් අද (09) උදෑසන ඉදල්ගස්හින්න බිංගෙය අසළ දී දුම්රියෙන් ඇඳවැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඇය හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර පසුව බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව හපුතලේ පොලිසිය පැවසුවා.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි.

අනතුරට පත් කාන්තාව දුම්රියෙන් එළියට හිසදමා ගමන්කර ඇති අතර, එහිදී ඉදල්ගස්හින්න 19 වන බිම්ගෙයි හිස වැදීමෙන් අනතුරුව දුම්රියෙන් වැටී තිබෙන අතර හිසට සහ පාදයට බරපතල තුවාල සිදු වී ඇත.

ඒ හේතුවෙන් ඇය දුම්රියෙන්ම රැගෙන විත් 1990 ගිලන් රථ සේවය මඟින් රෝහල්ගත කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

කමාන්ඩෝ රංග අත්අඩංගුවට

කමාන්ඩෝ රංග අත්අඩංගුවට

ReeCha