රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොදෙන බවට චීන තානාපතිගෙන් සහතිකයක්
මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් සදහන් කර තිබේ.
මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ වගේම ඔහු සදහන් කළේ චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුව බවයි.
මේ වන විට මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති බැවින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වනු ඇත.
යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ එම තත්ත්වය චීනයේ සිනොපැක් සමාගම හරහා කළමනාකරණය කිරීමට කටයුතු කරන බව එහිදී තනාපතිවරයා අවධාරණය කර තිබේ.
මෙරට ආර්ථික ගොඩනැගීමට අවශ්‍ය සියලු ආකාරයේ සහාය චීන රජය විසින් ලබා දෙනු ලබන බව එතුමා සදහන් කරයි
මේ වනවිට මැදිපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව පවතිනවා නම් ඊට තමන් කැමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් අවධාරණය කළේය.
කෙසේවෙතත් ඉදිරියේ සිදුවන සෑම සිදුවීමකටම මුහුණදීමට සහ ලංකාවට අවශ්‍ය පිහිට ලබාදීමටත් චීනය සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් සදහන් කර ඇත.