වෛද්‍ය විද්‍යාවම උඩු යටි කුරු කරමින් අවුරුදු එකසිය පනහක් ජීවත් වීමට හැකි ඖෂධයක් සොයාගනී - ලොක්කො රැසක් පෝලිමේ
අවුරුදු එකසිය පනහක් පමණ ජීවත් වෙන්න එහෙමත් නැත්නම් අමරණීය වෙන්න කොයි කවුරුත් ආසයි. අන්න ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් බෙහෙත් ඖෂධයක් සොයා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ දැනුවත් කරන්න සූදානම. ඒ අනුව මිනිසා වයස්ගත වීම ආපසු හැරවීමට හැකි.
මිනිස් ආයු කාලය සැලකියයුතු අයුරෙන් දීර්ඝ කිරීමට හැකියාවක් පවතින ඖෂධ ක්‍රියා පටිපාටියක් චීනයේ ක්‍රියාත්මක වෙමින් පවතී. චීනයේ ලොන්වි බයෝ සයිස් නම් සමාගම මෙහි ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කරන සමාගම ලෙස හැඳින්විය හැකිය.
ඒ අනුව එහි ප්‍රධාන තාක්ෂණවේදී ලූ ක්වින්හුවා පවසා ඇත්තේ ‘අවුරුදු 150 ක් ජීවත් වීම තරමක් යථාර්ථවාදී’ බවයි. ඔවුන් විසින් ‘procyanidin C1’ නම් සංයෝගය මත පදනම් වූ ඖෂධයක් නිර්මාණය කර ඇති අතර,මෙම ඖෂධය පැරණි සෛල විනාශ කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න සෛල ආරක්ෂා කිරීමට හැකියාව පවතිනවා.
මීයන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ මෙම ඖෂධය මගින් ඔවුන්ගේ ආයු කාලය සියයට 10 කින් පමණ දීර්ඝ වූ බවයි. කෙසේ වෙතත්, විද්‍යාත්මක ප්‍රජාව මෙවැනි ප්‍රකාශයන් ගැන විමසිලිමත් වන නමුත්, චීනය තුළ මෙම ව්‍යාපෘතියට රාජ්‍ය මට්ටමින් ක්‍රියාකාරී සහයෝගය ලැබෙන බව සඳහන්.
ලෝන්වි බයෝසයන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී යිප් ජිෂූ මෙම පර්යේෂණ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, "මෙය තවත් පෙත්තක් පමණක් නොවේ.
මෙය අතිවිශිෂ්ට සොයාගැනීමක්" යනුවෙන්. ආයු කාලය දීර්ඝ කිරීමේ මාතෘකාව විද්‍යාඥයන් අතර පමණක් නොව දේශපාලන වේදිකාව තුළද දැඩි උනන්දුවක් දනවන කරුණක් වී තිබෙනවා.
චීන රූපවාහිනියේ වාර්තා වූ සංවාදයකදී, චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 150 ක් ජීවත්වීමේ සහ මරණය පරාජය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබුණා.