දරුවන්ගේ නෙත් පනාපිට මවට තිස්පස් පාරක් පිහියකින් සහ පොරෝවකින් පහර දුන් පියා..

Sri Lanka Melbourne Crime World Murder
By Piyumika Sep 01, 2024 08:57 AM GMT
Piyumika

Piyumika

Report

මෙල්බර්න් තදාසන්න ප්‍රදේශයේ සැන්ඩ්ලර්ස්ට් ප්‍රදේශයේදී තම දික්කසාද බිරිඳ කපා කොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවට පාපොච්ඡාරණය කළත් මිනීමැරුම් චෝදනාවට ඔහු වරදකරු බව ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබේ .

රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පසුගිය සිකුරාදා මිනීමැරුම් චෝදනාවට 47 හැවිරිදි දිනුෂ් කුරේරාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන්කරගෙන තිබුණි . ඔහුගේ දික්කසාද බිරිඳ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් ඔහු මාසයක නඩු විභාගයකට මුහුණ දුණි.

කුරේරා 2022 දෙසැම්බර් 3 වන දින ඇයව ඝාතනය කළ බව පිළිගත් නමුත් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බව පවසමින් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගත්තේ නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

දිවුල් ගහකින් වැටිලා ඉස්පිරිතාලෙට ගෙනාව රොගියා ගැන හොයනකොට එලියට ආපු නොහිතපු කතාව..

දිවුල් ගහකින් වැටිලා ඉස්පිරිතාලෙට ගෙනාව රොගියා ගැන හොයනකොට එලියට ආපු නොහිතපු කතාව..

ඔහු සිය නඩු විභාගය අතරතුරදී මෙල්බර්න් හි ඔවුන්ගේ නිවසේ ඇති වූ ආරවුලකදී නලෝමි තමාට පිහියක් පෙන්වා තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බව ජූරි සභාවට පවසා සිටියා.

එවිට 43 හැවිරිදි නලෝමි තුවාල 35ක් සමඟ ලේ විලක් මැද මියගොස් සිටි බව අභිචෝදකයින් ජූරි සභාවට පවසා සිටියා.

ඝාතනයෙන් පසු නිවසින් පලා යාමට ඔහු උත්සාහ කිරීමේදී තම 17 හැවිරිදි පුතාට පහර දුන්නායි චෝදනාව කුරේරා ප්‍රතික්ෂේප කර සිටියා.

ජාතික අපරාධයක් පිළිබඳ ජනපතිගේ අවධානය ..

ජාතික අපරාධයක් පිළිබඳ ජනපතිගේ අවධානය ..

කුරේරාගේ සහ නලෝමිගේ නව යොවුන් වියේ පසු වූ පුතා සහ දියණිය එම අපරාධය සිදුවන විට නිවසේ සිට ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සිදුකරනු ලැබුවා.

තම මව මිය යන විට 16 හැවිරිදි වියේ පසුවූ දැරිය, තම පියා මවට පිහියකින් සහ පොරවකින් කිහිප වතාවක්ම පහර දෙන බව තමා දුටු බව පැවසූ අතර, පිරිමි දරුවා පැවසුවේ පියා තමාට පහර දුන් බවයි.

බිරිඳගෙන් වැඩි සල්ලි ගන්න දියණියට පහර දුන් පියාට වැඩ වරදී..

බිරිඳගෙන් වැඩි සල්ලි ගන්න දියණියට පහර දුන් පියාට වැඩ වරදී..

පසුව ඔහුගේ පුතාට පහරදීම සම්බන්ධයෙන් කුරේරා වැරදිකරු බව ජූරි සභාව පිළිගෙන තිබෙනවා.

ඔහු නැවත අත්අඩංගුවේ පසුවන අතර පසුව දඩුවම් නියම කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වනුයේ