කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..
By Piyumika
නිවසේ තිබූ ශීතකරණයෙන් විදුලිසැර වැදී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අත්තනගල්ල අලවල ප්‍රදේශයේ පදිංචිව සිටි තේජාන් දිනුවර නැමැති 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 6 ක් වූ දරුවෙක්.
මියගිය දරුවා සෙල්ලම් විදුලි උපකරණ විදුලි මෝටර් විදුලි පන්දම් (ටෝච්) ඇතුළු විද්‍යුත් උපකරණ නිරන්තරයෙන් ගැලවීම සහ සවිකිරීමට මහත් ඇල්මක් දක්වන දරුවකු බවයි ඥාතීන් පවසන්නේ.
දරුවාට විදුලිසර වදින අවස්ථාවේ මව සහ පියා නිවසේ වෙනත් කාර්යයන්වල සිට ඇති අතර දරුවා ශීතකරණය අසල වැටී සිටිනු දැක වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ