ඔයාගේ දරුවත් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ? කොහොමද හොයාගන්නේ...විසදුම් එක්කම

Report

අපි අද සුලබව දකින දෙයක් තමයි පොඩි අයත් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්න එක.

ස්මාර්ට්ෆෝන් එකෙන් පාඩම්, සන්නිවේදනය වගේ හොඳ පැත්තක් තිබුණත් මේක අනිසි ලෙස භාවිතා වුණොත් දරුවන්ගේ ජීවිතයේ බරපතල බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

දරුවන් මෙහෙම ඇබ්බැහි වෙන්න හේතු:

1. දරුවන්ට පහසුවෙන් දුරකථනලැබෙනවා.

2. යාළුවෝ කරන දේවල් අනුගමනය කරන්න උත්සාහ කරනවා.

3. සමාජ මාධ්‍ය හා විනෝදය.

4. මව්පියන්ගේ හැසිරීම, මව්පියන් බහුලව දුරකථනය භාවිතා කළොත්, දරුවොත් එය සාමාන්‍යයි කියලා හිතනවා.

5. ක්ෂණික සතුට

6. දුක, බිය, ආතතියට පිළියමක් ලෙස භාවිතය.

7. යාලුවන් අහිමි වේවි කියන භය.

8. විකල්ප ක්‍රියාකාරකම් නැතිවීම

9. පැහැදිලි විනෝදයක් නැතිවීම (හොබී එකක්)

10. අධ්‍යාපනික යෙදුම්ද වැඩි වශයෙන් දුරකථනයෙන් භාවිතා වීම

11. අධික නිදහස – මව්පියන් අධික නිදහස දීම

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අඹු සැමි යුවළ

දරුවන් දුරකථනයට ඇබ්බැහි වීමේ ලක්ෂණ :

1. නිතර දුරකථන භාවිතය

2. වගකීම් වලින් ඉවත් වීම (පාඩම්, වැඩවලට නොලැදි වීම)

3. දුරකථන නැති වීමේදී කැළඹීම

4. වෙනත් වැඩ වලට උනන්දුව අඩුවීම

5. තනි වීම, සමාජ වෙන්වීම

6. නින්දේ ගැටලු

7. පිරිසිදු වීම වගේ මූලික අවශ්‍යතා වුවද පමා කිරිම

8. උදාරත්වය, කෝපය

දවස් නවයට ලක්ෂ තිහක් -පාර්ලිමේන්තු ලොක්කෙක්ගේ වැඩ

දවස් නවයට ලක්ෂ තිහක් -පාර්ලිමේන්තු ලොක්කෙක්ගේ වැඩ

අපි බලමු මේකට කරන්න පුළුවන් විසඳුම්:

1. සීමා හඳුන්වාදෙන්න

2. වෙනත් ක්‍රියාකාරකම් වලට යොමු කරන්න

3. සුහද සංවාදයකට ආරාධනා කරන්න

4. අවශ්‍ය නම් වෘත්තීය උපදෙස් ලබාදෙන්න