අගෝස්තු පළමුවැනිදා සිට මේ රටවල් වලට අලුත් බද්දක් ට්‍රම්ප්ගෙන්
අගෝස්තු 01 වැනිදා සිට අවම වශයෙන් රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය හරහා නිවේදනය කර ඇත්තේ ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, ලාඕසය සහ මියන්මාරය යන රටවලට පැනවූ නව තීරු බදු අනුපාත පිළිබඳවයි.
ඒ අනුව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට නියමිතයි.
දකුණු අප්‍රිකානු සහ බොස්නියානු භාණ්ඩ සඳහා සියයට 30ක් ද, ඉන්දුනීසියාව සඳහා සියයට 32ක බද්දක් ද අය කෙරෙනවා.
බංග්ලාදේශය සහ සර්බියාව යන රටවල් දෙකට සියයට 35ක් ද, කාම්බෝජය සහ තායිලන්තය සඳහා සියයට 36ක් ලෙසයි තීරු බදු පනවා ඇත්තේ.
තවද, ලාඕසයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 40ක බද්දක් අය කිරීමට නියමිතයි.
