පාකිස්තානය අවසන් පූර්ව වටයට නොයා ඉන්න කුමන්ත්‍රණයක් ගැන හිටපු ඇමති චන්න කට අරී

Report

පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටයට (Semi Final) පිවිසීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එහි ඇතැම් නිලධාරීන් දැනුවත්ව යම් කුමන්ත්‍රණයක් සිදු කළ බවට පාකිස්තාන ජනමාධ්‍ය හා එරට හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වාර්තා කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් - බිඳුණු බලාපොරොත්තු මැද ලසිත් මාලිංග කළ සංවේදී ඉල්ලීම

මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් - බිඳුණු බලාපොරොත්තු මැද ලසිත් මාලිංග කළ සංවේදී ඉල්ලීම

එය සත්‍ය ද යන්න නොදන්නා බවත්, එහෙත් පසුගිය නවසීලන්ත තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් සැකයක් මතු වන බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පාකිස්තාන ජනමාධ්‍ය හා එරට හිටපු ක්‍රීඩකයන් එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.