හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි

Report

හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති දූෂණ චෝදනාව සම්බන්ධ නඩුව, කොළඹ මහාධිකරණය විසින් මාර්තු 05 වන දින යළි කැඳවීමට නියම කර ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. නඩුවේදී, විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් නියෝජිත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර, විනිසුරු මඩුල්ල ඒ අනුව නඩුව මාර්තු 05 වන දින යළි කැඳවීමට නියම කළේය.

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි

අල්ලස් කොමිසම විසින් චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව 2019 ජනවාරි 14 සිට ජනවාරි 31 දක්වා කාලය තුළ, නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නම් පුද්ගලයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ තවත් හිතවතුන් කිහිපදෙනෙකු නීත්‍යානූකූල නොවන ආකාරයෙන් විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීමේ ක්‍රියා මඟින් “දූෂණය” සිදු කළ බව චෝදනා කර ඇති බව සඳහන් වේ.

තුසිත හල්ලොලුවගේ නඩුව යළි කැදවයි

තුසිත හල්ලොලුවගේ නඩුව යළි කැදවයි