තුසිත හල්ලොලුවගේ නඩුව යළි කැදවයි

Report

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහර දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම හිටපු ජාතික ලොතරැයි මණ්ඩල අධ්‍යක්ෂවරයා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය ජුනි 25 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (26) නියෝග කර ඇත.

සිද්ධියට අදාලව සැකකරුවා මකා දමා ඇති දුරකථන වාර්තා ලබා ගැනීමට මෙටා සමාගමෙන් ඉල්ලුම් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

[PPGBHK4

එම වාර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් ඔවුන් අදාළව සඳහන් කළහ. සැකකරුවා මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර, නඩුවේ වැඩිදුර වාර්තා සඳහා ජුනි 25 වන දිනය තෙක් නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වාහනයෙන් පහර දී ලිපිගොනු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයේ සහය නොදැක්වීමේ චෝදනාවලට අදාලව පැවැත්වේ.

අලුත් නීතියක් - ආබාධිත පුද්ගලයන්ට ආයේ එක එක නම් කියන්න බෑ - මෙන්න අලුතින් වචන 11ක්

අලුත් නීතියක් - ආබාධිත පුද්ගලයන්ට ආයේ එක එක නම් කියන්න බෑ - මෙන්න අලුතින් වචන 11ක්