ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද

Indian Cricket Team New Zealand Cricket Team ICC Champions Trophy
By Gagana News Mar 09, 2025 03:46 AM GMT
Gagana News

Gagana News

Report

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (09) ඩුබායිහිදි පැවැත්වේ. ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරඟාවලින්හි අවසන් මහා තරඟවලට ප්‍රතිවාදීන් ලෙස ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.

නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර ඇත.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4 කදී සුදුසුකම් ලබා තිබේ.

ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේ දී ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරඟයේ දී එකිනෙකා මුණ ගැසී ඇති අතර එය තරඟය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණි. 

2030 වසරේදී FIFA රටවල් 64කට ලෝක කුසලාන වරම්

2030 වසරේදී FIFA රටවල් 64කට ලෝක කුසලාන වරම්

අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය

අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය

ReeCha