චූටි කෙල්ලට අත උස්සපු කුකුල් චමින්දට ගුටි පූජාවක් - වහාම රෝහල්ගත කෙරේ.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 07, 2024 05:00 PM GMT
krishani

krishani

Report

එම්.කේ. චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන සැකකරු අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය දී එහි බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසක් පහරදී තිබෙනවා. 

චූටි කෙල්ලට අත උස්සපු කුකුල් චමින්දට ගුටි පූජාවක් - වහාම රෝහල්ගත කෙරේ.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.. | Chaminda Brutally Assaulted The Girl

ඒ හේතුවෙන් තුවාල ලැබූ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇත.

ඒ බව අනුරාධපුර පොලිසිය සඳහන් කළේ ය.

වයස අවුරුදු 4යි මාස 06ක් වියැති කුඩා දැරියකට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ලංකාවම සංවේදී කළ, ඒ අහින්සක මල් කැකුළට අවසානයේ ඇත්තටම මොකද වුණේ?.

ලංකාවම සංවේදී කළ, ඒ අහින්සක මල් කැකුළට අවසානයේ ඇත්තටම මොකද වුණේ?.


මෙම වීඩියෝ පටයෙහි අඩංගු දර්ශන අනුව එම කුඩා දැරියට පහරදෙනු ලබන මෙම සැකකාර පියා සහ ඔහු සමඟ සිටි කාන්තාවන් දෙදෙනෙකු පසුගිය ජූනි 05 වැනිදා අලුයම වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

ඒ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී ය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පදවිය මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක‍රන ලෙස නියෝග කරනු ලැබුවේ ය.

නරේන්ද්‍ර මෝදී ඉල්ලා අස් වෙයි - මොකක්ද මේ එතකොට රනිල්, මහින්ද, සජිත් සහ ෆොන්සේකා ගැන මෝදී එකවරම කීව දෙය?. (VIDEO)

නරේන්ද්‍ර මෝදී ඉල්ලා අස් වෙයි - මොකක්ද මේ එතකොට රනිල්, මහින්ද, සජිත් සහ ෆොන්සේකා ගැන මෝදී එකවරම කීව දෙය?. (VIDEO)


ඒ අනුව රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුට මෙලෙස එම බන්ධනාගාරයේම සිටි තවත් රැඳවියන් පිරිසක් එක්ව පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

වැලිඔය, හංසවිල, කල්‍යාණිපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නිවසේ බෝතලය බහා තිබූ සීනි ආහාරයට ගත් බව පවසමින්, තම කුඩා දියණියට පහර දෙන අයුරු එම සැකකරුගේම පුත්‍රයා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැර ඇත.

පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කරනු ලැබුවේ ය.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..


එහිදී පහරකෑමට ලක්වූ කුඩා දැරිය මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කිරීමෙන් අනතුරුව අනුරාධපුර පරිවාස මධ්‍යස්ථනයක් වෙතට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මුලතිව් අධිකරණ වෛද්‍යවරයාගේ පූර්ණ වාර්තාව ද ලබන නඩුවාරයට ඉදිරිපත් කරන ලෙස පදවිය මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙතට නියෝග කර ඇති බව සඳහන් වේ.