චාමික ගේ එක් දතක් අනතුර සිදුවන මොහොතේම ගැලවී වැටෙයි..දත් 04ට හානි..දැන් තත්ත්වය මෙන්න.(VIDEO)
ඊයේ තරගය අතරතුර දී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සැත්කමට ලක්කළ බවට තොරතුරු වාර්තා වනවා.
පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු තරගය අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී චාමික අනතුරට ලක්වුණා.
එහිදී ඔහුගේ එක් දතක් ගැලවී වැටෙන අයුරු කැමරාවේ පටිගතව තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |