ආනන්ද විජේපාල.. මේ රටට ලොකු හෙනයක්, ශානි රන්ජන්ගේ ගෙදර වළං හෝදන්න ගිය මිනිහනේ - කොටුවම වට කරන් චාමර කට අරී

Report

අද(10) දින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දැනට අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කොළඹ කොටුව පරිශ්‍රයේ පවතින සත්‍යග්‍රහය වෙත පැමිණ තිබුණා.

ඒ ඔහුට සහයෝගය දැක්වීමේ අරමුණින්. එහිදී ඔහු විසින් මාධ්‍ය නැගූ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින් අදහස් දක්වා සිටියා.

" මේජර් ජනරාල් සලේ කියන්නේ අපේ රටේ, එයා මොන ජාතියෙද, කුලේද අපිට වැඩක් නෑ දැන් ආනන්ද විජේපාල ගැන කියන්න ගියොත්, සලේ මැලේ ආනන්ද විජේපාල දෙමළ, එහෙම බැලුවොත් ආනන්ද වීජේපාලගේ ටෝක් අපිට හරියන්නේ නෑ. එයා අද පාර්ලිමේන්තුවෙදි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාස්පෝට් එක වෙනස් වුණ හින්දා සලේ වෙනස් වුණා කියලා. ඉතින් ආනන්ද විජේපාල වගේ මනුස්සයෙක් මේ රටට පොලිස් ඇමතිවරයා හැටියට ඉන්න එක මේ රටට ලොකු හෙනයක්. ඉතින් මේ කාර්‍යයට විපක්ෂයේ ඉන්න අපි කවුරුත් එකතු වෙන්න ඕන වෙලාවක් මේක රට වෙනුවෙන්. මේ ටිකේ එන්න බැරි වුණේ උසාවිනේ මටත් උසාවි...මොනවා කිව්වත් ජාතිවාදී විදිහට නෙවේ අපි දකින්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් යුද්ධ කරපු කොයි නායකයට වුණත් අපි ආදරේ කරනවා.

කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි

කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි

ඒකට අපිට ජාති ආගම් කුල වැඩක් නෑ. ඇත්තම කතාව අපේ රටේ බුද්ධි අංශයේ වැඩි කොටසක් මුස්ලිම්. මොකද දෙමළ භාෂාව වැඩියෙන් කතා කරන්න පුළුවන් මුස්ලිම් අයට. සලේ විතරක් නෙවෙයි. ඒ මිනිස්සු අපි වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරා. ඒ නිසා අපි සලේ වෙනුවෙන් දිවිහිමියෙන් මේ සලේට වෙච්ච අසාධාරණේ වෙනුවෙන්.. ශානි කියන්නේ මොකෙක්ද? කවුද? ශානි රන්ජන් රාමනායකගේ ගෙදර වළං හෝදන්න ගිය මිනිහනේ. ශානි කවුද සලේ කවුද? ශානියි රවී සෙනෙවිරත්නයි සජිත් ගාවට ගියේ ජනාධිපතිවරණයෙදි. එක් කෙනෙක් කිව්වා ගන්න එපා වුන් දෙන්නව කියලා ඊට පස්සේ තමා කතෝලික නායකයා හම්බෙලා තමයි ඔතනට ජැක් ගැහුවේ. ඊට පස්සේ තමා මේ ආණ්ඩුවෙන් තනතුරු ගත්තේ. නැත්තම් සජිත්ගේ වේදිකාවට නගින්න හිටියේ.."

එහිදී මාධ්‍යවේදියෙක් විසින් , "දැන් පරණ යාළුවෝ ඇතුළට යනවා නේද?" යනුවෙන් ඇසූ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ,

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

"ඊයෙත් යාළුවෙක් ගියා. පරණ යාළුවෝ විතරක් නෙවේ අපේ පක්ෂේ හිටපු අය, පක්ෂෙට සහයෝගය දුන් අය යනවා. ඊයෙත් මන් වැලිකඩ ගිහින් බලලා ආවේ.. අපි නිතරම යනවා. අපිටත් නිතරම ඩෝබිලා කතා කරනවා. මටනේ තියෙන්නේ ඊළඟ එක කියලානේ කට්ටිය කියන්නේ. කිසිම ප්‍රශ්නයක් නෑ කාමරේ ඉඬ තියෙනවා"

ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද

ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද