පාර්ලිමේන්තු සභා ගර්භයෙනුත් ඉවත් කරපු චාමරට අමතර ඇපය දෙන්න ලොක්කෙක් එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විදේශගත වීම වෙනුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මඟින් නියම කළ අමතර ඇපය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඉදිරිපත්වි ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද(20) දින පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ලසන්ත අලගියවන්න මහතා අදාළ ඇපයට අත්සන් තබා සිය විදේශ ගමන් බලපත්‍රය අධිකරණ රෙජිස්ටාර්වරියට භාර දුන් බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අද දින පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබුණා.
ඒ මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේදී ඇතුවූ නොසන්සුන්තාවක් මුල් කර ගනිමින්.