පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් සහ හිටපු පෞ. ලේකම් යළිත් රිමාන්ඩ් - මොහොතකට පෙර දුන් නියෝගය
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අඳාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය හා බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් එළඹෙන මස 06 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (23) දින නියෝග කළ බව වාර්තා වේ.
ඒ අනුව සිද්ධියට අඳාළ මෙම නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම මඟින් කරන ලද කරුණු දැක්විමෙන් පසුව මෙසේ නියෝග කර ඇත.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම වෙනුවෙන් නිසි ක්රමවේදයකින් තොරව බලපත්ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බවයි.
එමෙන්ම අල්ලස් කොමිසම දන්වා ඇත්තේ සැකකාර චාමර සම්පත්, සිද්ධියට අඳාළව තුන්වැනි සැකකරු වශයෙන් නම් කර ඇති බවයි.
තවද සිද්ධියට අඳාළව විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.
මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි