ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ආයතන 03කට රුපියල් මිලියන 6.5ක දඩ

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ආයතන තුනකින් රුපියල් මිලියන 6.5ක දඩ මුදලක් අය කරගෙන ඇති බව නිවේදනය කර ඇත.

මෙම දඩ මුදල් අය කර ඇත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB), බැලීස් ලිමිටඩ් (Bally’s Limited) සහ බෙලාජියෝ ලිමිටඩ් (Bellagio Limited) යන ආයතනවලිනි.

ජෝන්කීල්ස් වාහන රේගුවෙන් නිදහස් කරන්න එකඟතාවක්

ජෝන්කීල්ස් වාහන රේගුවෙන් නිදහස් කරන්න එකඟතාවක්

මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙම දඩ පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම ආයතනවල නොසැලකිලිමත්කමේ ස්වභාවය සහ බරපතලකම සැලකිල්ලට ගනිමින් මෙම දඩ මුදල් නියම කර ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියාමන ආයතනය ලෙස කටයුතු කරන FIU, මෙම ආයතනවලට අදාළ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට බලපෑම් කිරීම සඳහා මෙම දඩ මුදල් අය කර ඇත.

ඔන්න මම චිචීගේ රොකට් එක හොයලා දුන්නානේ, ඉතුරු ටිකත් හොයාගන්න - නාමල් රාජපක්ෂ

ඔන්න මම චිචීගේ රොකට් එක හොයලා දුන්නානේ, ඉතුරු ටිකත් හොයාගන්න - නාමල් රාජපක්ෂ

ඒ අනුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට 2025 අප්‍රේල් 16 වන දින රුපියල් මිලියන 3.5ක දඩයක් පනවා ඇති අතර, බැලීස් ලිමිටඩ් සහ බෙලාජියෝ ලිමිටඩ් යන ආයතන දෙකට 2025 මාර්තු 28 වන දින රුපියල් මිලියන 1.5 බැගින් දඩ මුදල් පනවා ඇත. 

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ