අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව පවසයි.
මෙය ඉකුත් සැප්තැම්බර් 4 සිට දින 17ක් පුරා ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දැඩිකිරීමකි.
ප්‍රතිව්‍යුහගත කිරීමේ අවිධිමත් ක්‍රියාවලිය නතර කිරීම, හිඟ දිරි දීමනා, උසස්වීම් ඇතුළු ඉල්ලීම් 24ක මුල්කරගෙන මෙම ක්‍රියාමාර්ග දියත් කළ සමිති, ආණ්ඩුවෙන් සාධාරණ විසඳුමක් නොලැබීමට විරුද්ධය. ඉල්ලීම් සම්බන්ධයෙන් මුනිවත නොරකිනහොත් මහා වැඩ වර්ජනයකට යෑමට සිදුවනු ඇතැයි වෘත්තීය සමිති නායකයෝ චෝදනා කරති.