රටම අදුරට? රතු එළියක් - අදින් වැඩකටයුතු නතර කරයි

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ සිට තවදුරටත් තීව්‍ර කරන බව පවසයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු අද දිනයේ සිට නතර කරන බව එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි. එමෙන්ම විදුලිය පාවිච්චිකරන්නගේ සංගමය විසින් යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන යන වැඩපිළිවෙලට විරෝධය දක්වයි.

රටම කළුවරේ - විදුලිය බිද වැටුණත් හදන්න අමාරුයිලු

රටම කළුවරේ - විදුලිය බිද වැටුණත් හදන්න අමාරුයිලු

විදුලිය පාවිච්චිකරන්නගේ සංගමයේ සභාපති එම්.ඩී ආර් අතුල මහතා කොළඹ ඊයේ දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවේය. ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කළහොත් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට බරපතළ ගැටලුවක් සිදුවිය හැකි බව ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පවසයි.

බුලත් මිල අධික ලෙස ඉහළට

බුලත් මිල අධික ලෙස ඉහළට

තැපෑලට තවත් 731ක් බදවා ගැනේ - මෙන්න විස්තරය

තැපෑලට තවත් 731ක් බදවා ගැනේ - මෙන්න විස්තරය