පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි  පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විධිමත් ක්‍රමවේදයකින් තොරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම සහ එම සමාගම්වලට අපනයන බලපත්‍ර ලබාගැනීම සඳහා සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

චාමර සම්පත් දසනායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කළ සුමතිපාල ලියනාරච්චි මහතා ද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට