දෙයියනේ ඊයේ දවසට 50ක්..අද ඉදන් නම් ලේසි වෙන්නේ නෑ...
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
නාඩු , කැකුළු, හා සම්බා සහල් සදහා නියම කර තිබෙන පාලන මිල ඉක්මවා කිලෝවක් රුපියල් 10 ,15 හා 20 වශයෙන් වැඩි මිලට අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා තොග සඟවා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද(11)සිට තවත් පුළුල් කරන බවයි.
You may like this video