අලුතින්ම රියදුරු බලපත්‍රය ගත්ත නෝනා වාහනය අලුත් පාරක ගෙනියලා..
By Piyumika
නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වී තිබේ.
එහිදී මොටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.
නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති කාන්තාවක් විසින් මොටර් රථය ධාවනය කර ඇති අතර ධාවනය වෙමින් තිබු මොටර් රථය කාන්තාවගේ පාලනයෙන් මිදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි පොලීසිය පැවසුවේ .