තල් අතු ඒකතු කරන්න ගිය කාන්තාවකට නොහිතපු දෙයක් දකින්න ලැබිලා..
By Piyumika
තල් අත්තක් යට සැඟවී සිටි නාගයෙකු දෂ්ඨ කිරීම නිසා යාපනය, වඩමරච්චි, අලියාවලෙයි ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (29) මියගොස් ඇති බව වාර්තාවේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ තිරුවනාවුකරුසු පුණ්‍යසෝති නමැති 46 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව නිවසේ අවශ්‍යතාවයක් සඳහා තල්අතු එකතු කරමින් සිටියදී එක් තල් අත්තක් යට සැඟවී සිටි නාගයෙකු එම කාන්තාවගේ හිසට හා අතට දෂ්ඨ කොට තිබේ.
එහිදී නාගයා දෂ්ඨ කළ සැණින් එම කාන්තාව සිහි මූර්ජා වී බිම ඇද වැටී ඇති අතර ස්වල්ප වේලාවකදී එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙම මරණය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.